COVID 19 අභියෝගය හමුවේ ඔබගේ ව්‍යාපාරය ගොඩනගා ගත හැක්කේ කෙසේද?

COVID 19 හමුවේ පවත්නාවූ  අභියෝගයන්  සාර්ථකව මුහුණ දීම සඳහා ඊ-වාණිජ්‍ය හරහා ලබා දිය හැකි  විසඳුම් හා දායකත්වය  පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්  Ecom Services (Pvt) Ltd සහ Asia Pacific Institute of Digital Marketing (APIDM)  එක්ව මෙම  වැඩමුළුව සංවිධානය කර ඇත . නොමිලේ  පවත්වනු ලබන මෙම වැඩමුළුව 2020 මැයි මස 15 වන දින ප.ව 7.30 ට ආරම්භ වේ. වර්තමානයේ පවතින අභියෝගයන් හමුවේ තම ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු  අඛණ්ඩව මෙන්ම  වඩා කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා  E commerce වෙබ් අඩවියක්  ඉතා ඉක්මනින්, අඩු පිරිවැයකින් ගොඩනගා ගත හැකි ආකාරය පිළිබදව දැනුවත් කිරීමට මෙහිදී අපේක්ෂා කරන අතර, තව දුරටත්  ඒ හා බැදී  පවත්නා ඉතා සුවිශේෂී වූ පහසුකම් සමගින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි ආකාරය මෙන්ම , ගනුදෙනුකරුවන්ගේ හැසිරීම සහ ඉල්ලුම් රටාවන් අවබෝධ කරගනිමින්  ක්ෂණිකව ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට අනුගමනය  කළ හැකි ඩිජිටල් අලෙවිකරණ මාර්ග පිළිබදව  දැනුවත් කිරීමත්  මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

ව්‍යාපාර කටයුතු  ඊ-වාණිජ්‍යය  සමග සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබදව දැනුවත් කිරීම සඳහා  ශ්‍රී ලංකාවේ සංවිධානය කරනු ලබන පළමු Shopify  හවුල්කාර වැඩසටහන වන මෙය  ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයන්  දෙකෙහිම  සම්මිශ්‍රණයක් ලෙස  පැවැත්වේ.

මෙම වැඩමුළුව සදහා ඔබට නිවසේ සිටම සම්බන්ද විය හැකි අතර ඒ සදහා පහත අයදුම්පත භාවිතා කර ලියාපදිංචි වන්න .
එහිදී ඔබට ලැබෙන email පණිවිඩය මගින් 2020 මැයි මස 15 වන දින ප.ව 7.30 ට පැවැත්වෙන වැඩමුළුව සමග සම්බන්ද විය හැක.

FILL THE BELOW FORM TO REGISTER

Spread the love